මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් සහභාගීවූ අතර මෙම සැසිවාරයේදී රාජ්‍ය අංශයේ ආයතන සමඟ අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළඳ ගැටළු වලට රැසකට විසඳුම් ලබාගැන්ම ට හැකිවිය.
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කළ නියෝජිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි වූ අතර අපනයනකරුවන්ගේ ගැටළු 17 ක් සඳහා විසඳුම් ලබාදීමට සාකච්ජා කරන ලදී. සෑම දෙමසකට වරක් අපනයන කරුවන්ගේ සංසදය පවත්වනු ලැබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ගරු නලින් බණ්ඩාර ජයමහමහතා සඳහන් කළේ, අපනයන කරුවන් මුහුණදෙන ගැටළු එකම තැනකින් විසදා ගැන්මට හැකියාව ලැබීම වැදගත් බවයි.මේ වන විට වැදගත් කාර්යභාර්යයක් අපනයනකරුවන්ගේ සංසදය මගින් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන්කළ අතර අපනයන කරුවන් හා රාජ්‍ය නිලධාරීන් ලබාදෙන සහයෝගයද අගය කළේ ය