ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසයි

    සැප්තැම්බර් 04, 2019

    ජාත්‍යන්තර සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වුණේ, පසුගිය දා සිදු වූ අවාසනාවන්ත පාස්කු  බෝම්බ ප්‍රහාරය නිසා බවත් ආරක්ෂක තත්ත්වය නිසා කල්දැමීම සිදු වූ බවත් වෙන කිසිම හේතුවක් නොවන  බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සයිටීස් ජත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට හේතු විමසමින් අග්‍රාමාත්‍යවරයාගෙන් අද (4)  පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා  මෙසේ පැවසීය.

    අවසානවන්ත ලෙස සමුළුව පැවැත්වීමට පෙර පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. එම අවාසනාවන්ත සිදු වීම වූ  මොහොතේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහභාගීත්වයෙන් ජිනීවා හී සයිටිස් මහලේකම් කාර්යාලය සමඟ  සෘජු සබඳතා පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලැබුවා. එම කාල පරිච්ඡේදය තුළ වූ ආරක්ෂක තත්ත්වය  සළකා බලා, ජිනීවා හී සහිටිස් මහ ලේකම් කාර්යාලය මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තාවකාලිකව
    කල්තැබීමට තීරණය කරනු ලැබුවා.

    ඒ අනුව මෙම සමුළුව සැප්තැම්බර් 1 දින සිට 12 දින දක්වා පැවැත්වීමට නව දින තීරණය කළා. ඒ සඳහා  එකඟතාවලට එළඹුණා. මේ කාල වකවානුවේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශයේ ජ්‍යේෂ්ඨ නිලධරී  නිරීක්ෂණ චාරිකාවකට ලංකාවට පැමිණි අතර 2019 මැයි මස 28 සිට 30 දක්වා කාලය තුළ මෙරට රැදී සිටිමින්  කරුණු අධීක්ෂණය කළා. සමුළුව නැවත පැවැත්වීමේ හැකියාව දැන්වීමට කටයුතු කළා.එහෙත් ඒ අය තීරණය  කළේ, මේ සමුළුව ආරක්ෂක තත්ත්වය නිසා කල්දැමීමටයි.වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි යැයි ද අග්‍රමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya