පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට මත්පැන් අලෙවි බලපත්‍ර සහ වැලි බලපත්‍ර ලබා දී ඇති බවට මාධ්‍යවල පළ වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සභානායකවරයා මෙලෙස පැවසීය.
පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි උඩරට මන්ත්‍රීවරයකුට පහළොවක් තිබුණා.අපේ ආණ්ඩුවෙන් අපි එක මන්ත්‍රීවරයකුටවත් දීලා නෑ. නම් ටික කියන්න ඕන මම නොවෙයි,ප්‍රශ්නය ඉදිරිපත් කළ කෙනයි. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ බලපත්‍ර පිළිබඳව සාකච්ඡා කළෙත් නෑ යැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය