ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    තාරුණ්‍යයේ අභිමානය වෙනුවෙන් ජනපති සංකල්පයක් අනුව “ජීවනාභිමානි” ජාතික ව්‍යාපාරය ඇරඹෙයි

    සැප්තැම්බර් 05, 2019

    තරුණ අභිමානය රැක දෙමින් ඔවුන්ගේ ආකල්ප සහ නිපුණතාවන් සංවර්ධනය කෙරෙන ග්‍රාමීය මට්ටමේ පුළුල් වැඩසටහනක් ලෙස “ජීවනාභිමානි” ජාතික ව්‍යාපාරය ඇරඹෙයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ඉදිරියේ දී දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට නියමිත අතර, එහි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  (04) පෙරවරුවේ කොළඹ ලේක්හවුස් ගොඩනැඟිල්ලේ දී ස්ථාපිත කෙරිණි.

    තරුණ තරුණියන්ගේ ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දී ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම වැඩසටහනේ අරමුණ වන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු තරුණ තරුණියන් ඉන් මුදා ගනිමින්, යහපත් ආකල්ප සංවර්ධනය මඟින් ඔවුන් සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස ගොඩනැංවීම පිළිබඳව ද මෙම වැඩසටහනේ දී පුළුල් අවධානයක් යොමු කෙරේ.

    මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ ප්‍රජා මූලික වැඩසටහන් මඟින් තමන් ජීවත්වන පරිසරයේදී ම තරුණ තරුණියන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී ඔවුන්ට යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සකසාදීමයි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ තාරණ්‍යයට යහපත් හෙටක් නිර්මාණය කර දීම රජයක ප්‍රමුඛ වගකීම බවයි.

    මත්ද්‍රව්‍ය අද තාරුණ්‍ය විනාශ කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්තුමා නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ව්‍යාපාරය රටින් තුරන් කර දැමීමට ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ම මත්ද්‍රව්‍ය හමුවේ විනාශ වී ගිය තරුණ ජීවිතවලට නව අර්ථයක් ලබාදෙමින් ඔවුන් යළි නඟාසිටුවීම සඳහා ද සක්‍රීය වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කියා සිටියේය.

    “ජීවනාභිමානී” නව වැඩසටහන මඟින් පුළුල් දායකත්වයක් ඊට ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපති ලේකම්තුමා මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු පුරවැසියන්ගේ සහය අවශ්‍ය බව ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya