ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    සුරක්ෂිත සංක්‍රමණය හා වින්දිතයන් හඳුනාගැනීම පිළිබඳව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    සැප්තැම්බර් 05, 2019

    සුරක්ෂිත සංක්‍රමණය හා වින්දිතයන් හඳුනාගැනීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්හඳුනාගැනීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විගමනිකයින් සම්බන්ධව ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු සිදු කිරීමේ දී ඔවුනට හඳුනාගැනීමට ලැබෙන විශේෂ ගැටළු, නීතිමය තත්ත්වයන්, සෞඛ්‍ය ගැටළු,ආර්ථික ගැටළු හා සමාජීය තත්ත්වයන් ආදිය පිළිබඳව මෙහි දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව දැනුවත් කිරීම් සිදු කෙරිණි.

    සුරක්ෂිත සංක්‍රමණය හා වින්දිතයන් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) මුතුකුමාරණ මහතා විසින් දැනුවත් කිරීම සිදු කරන ලදි.

    ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධව හා ඒවා වළක්වා ගැනීම සඳහා විගමනිකයින් කටයුතු කළයුතු ආකාරය පිළිබදව, ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආයතන හා පුද්ගලයින් පිළිබඳව දේශනයක් මාතර මහරෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් මහතා විසින් සිදු කරන ලදි.

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සේවය කරන විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය විදේශ රැකියා අංශය හා විදේශ රැකියා අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික්ස ම්බන්ධීකාරක අමිල අබේවර්ධන මහතා විසින්වැ ඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya