ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    පාස්කු දින ප්‍රහාරයෙන් ජීවිත හා දේපළ හානි වූ අයගේ වන්දි සම්බන්ධයෙන් විවාදයකට සූදානම්

    සැප්තැම්බර් 05, 2019

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ අය වෙනුවෙන් සියයට 95% ක් වන්දි ලබාදීමට කටයුතු කර ඇතැයි සභානායක,අමාත්‍ය ලක්ශ්මන් කිරිඇල්ල මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ අය වෙනුවෙන් වන්දි ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මෙසේ පැවසීය.

    මෙම වන්දි ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස හා පාර්ලිමේන්තුව ලෙස වැඩපිළිවෙලක් යොදන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ය.

    ජීවිත හානියට හා දේපළ හානියට පත් වූවන්ට වන්දි ලබාදීමට කැමැති බවත් මේ වනවිට සියයට 95%ක් සිදු කර ඇති බවත් කී අමාත්‍යවරයා ඒ ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට ඉක්මන් විවාදයක් ලබාදීමට සූදානම් බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya