ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    2020 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 28ක අපනයන ඉලක්කයක් බලපොරොත්තු වෙනවා- අමාත්‍ය මලික් සමරවික්‍රම

    සැප්තැම්බර් 05, 2019

    අපනයනය තුළින් සියයට 6.6%ක වර්ධනයක් අත් කරගෙන ඇති බවත් වසර 2020 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 28ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යතේ නියෝග විවාදයට ගනිමින් අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    සියලු අපනයනකරුවන් අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කිරීම මෙහි අරමුණයි. ගෝලීය වශයෙන් ආර්ථිකයේ  යම් හීනවීමක් දක්නට ලැබෙනවා.ගෝලීය ආර්ථිකය සියයට 3ත් 3.1% අතර පහළ වැටීමක් සිදුව තිබෙනවා.මෙය ලෝක ආර්ථිකයට යම් බලපෑමක් ඇති කර තිබෙනවා.මේ සියලු අභියෝග හමුවේ හොඳ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වී තිබෙනවා.

    අපනයනය කළ හැකි නව වෙලඳපොළ සොයාගත යුතු බවද සඳහන් කළ අමාත්‍යවරයා අපනයනය කරුවන් 2000ක්  ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වනවිට 800ක් ලියාපදිංචි කර තිබෙනවා. නව  අපනයන කරුවන් හඳුනා ගෙන මූල ධනය ලබාදීමට කටයුතු කරනව. එක ගමකට එක අපනයන කර්මාන්තයක් යන  වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරනවා .ණය වලින් නිදහස් විය යුතුයි. ආර්ථිකය වර්ධනය කළ යුතුයි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya