ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග සංවර්ධන අධිකාරියෙන් ජනතාවට සංවර්ධන ව්‍යාපෘති රැසක්

    සැප්තැම්බර් 06, 2019

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ග්‍රාමීය වශයෙන් සිදු කරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපන සංවර්ධන ව්‍යාපෘතිය ( i-roads ) සඳහා ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඇමරිකානු ඩොලර් මිලියන 800 ක මුදලක් පළමු වන වරටත් දෙවන වර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 900 ක මුදලක් ද (ඇමරිකානු ඩොලර් බිලියන 1.7) ලබා දී ඇති බවත් ඒ මඟින් ග්‍රාමීය වශයෙන් කි.මී. 10,000 කට අසන්න ප්‍රමාණයක් මේ සංවර්ධනය කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසිය.

    පළාත් මට්ටමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය මඟින් නුදුරේ දී උතුරු නැගෙනහිර පළාත් ආවරණය කිරීමට ද නියමිත බව ද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී  (05) පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු පිලිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමට එක් වෙමිනි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු පිලිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, අදියර හතරකින් සමන්විත මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු වලින් අදියර දෙකක වැඩ මේ වන විට අවසන් ක‍ර ඇති බවත්, එකී අදියරයන් හි පළමු අදියර ලෙස කඩවත සිට මීරිගම දක්වා ද (39 km), දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා (40 km) ද වශයෙන් සංවර්ධන කටයුතු නිමාවට පත් කර ඇති බවත්, එකී සංවර්ධිත කටයුතු මෙම වසරේ නොවැම්බර් මස නිම කිරීමට නියමිත ව තිබූ නමුත් පාස්කු ප්‍රහාරයත් සමඟ සංවර්ධිත කටයුතු ප්‍රමාද වූ බැවින් ලබන වසරේ මාර්තු මස අග වන විට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ මහතා පැවසිය.


    පළමු අදියර සඳහා ඩොලර් මිලියන 968 ක පමණ ණය මුදලක් චීනයේ Exceed බැංකුවේ ණය ආධාර මත ලැබී ඇති බවත්, එය රටකට ලබා ගත හැකි විශාලතම ණය ප්‍රමාණයක් බවත් එහි දී සඳහන් කෙරිණි. තුන්වන අදියර ලෙස මීරිගම-කුරුණෑගල අතර පොතුහැර ආසන්නයෙන් අධිවේගී මාර්ග හැරවුමකුත් සමඟ ගලගෙදර දක්වා අවුරුදු 03 කින් නිම කිරීමටත්, හතරවන අදියර ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බවත්, එකී සියලු සංවර්ධිත කටයුතු සියල්ල රටට හානිදායක නොවන අයුරින් සහ ජනතාවගේ සුභසිද්ධිය ද සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු බවත්, ඒ අනුව අදියර තුනකට අදාළ ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු 95 % ක් අවසන් කර ඇති බවත් සඳහන් විය.

    කැළණි පාලමේ සංවර්ධිත කටයුතු ද ලබන වසරේ අගෝස්තු මස දී නිම කිරීමට නියමිත බවත්, රුවන්පුර අධිවේගී මාර්ගයේ සැලසුම් අවසන් කර ඇති බවත්, වරාය උස් වූ පිවිසුම් මාර්ගය නමින් නව ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත්හි මෙහි දී සඳහන් කරනු ලැබීය.


    ඒ අනුව එකී විවිධ සංවර්ධිත ව්‍යාපෘති සඳහා මේ වන විට බිලියන 300 කට අසන්න ප්‍රමාණයක සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පමණක් සිදු කොට ඇති බවත් සඳහන් විය. මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද සහභාගී විය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya