ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍ය වාර්තා පාර්ලිමේන්තුවට හානි කරයි- විනයගරුකව මන්ත්‍රීවරු හැසිරිය යුතුයි- කතානායක

    සැප්තැම්බර් 06, 2019

    පාර්ලිමේන්තුවේ ඊයේ දින (05) අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු නොපැමිණීම සම්බන්ධයෙන් අද දින(06) මුද්‍රිත මාධ්‍යවල පළ වූ වාර්තා පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකර බව කතානායක කරූ ජයසූරිය මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    පාර්ලිමේන්තුවේ ඊයේ දින අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු නොපැමිණීම සම්බන්ධයෙන් අද දින මුද්‍රිත මාධ්‍යවල පළ වූ වාර්තා පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකර බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර එකඟතාවයට පැමිණීමෙන් පසු වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන ගිය ද මෙවැනි අවස්ථා ඉදිරියේ දී ඇති නොවීම ආණ්ඩුවේ වගකීමක් වන අතර එවැනි අවස්ථාවල දී විනයගරුකව මන්ත්‍රීවරු හැසිරිය යුතු බව ද ඉතාම වැදගත් බව අවධාරණය කරමින් සඳහන් කිරීමට කැමැත්තෙමි. එමෙන් ම මෙම කරුණ පසුගිය අවුරුදු හතර තුළ සෑම විටම මතක් කිරීමට සිදු වීම පිළිබඳව මමත් ඉතාම කණගාටුවට පත් වෙනවා යැයි ද කතානයකවරයා පැවසීය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා- ඔබතුමාගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතිය පළ කරනවා. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, කාට හරි ඇවිල්ලා මන්ත්‍රිවරු අසන ප්‍රශ්නවලට උත්තර දිය යුතු වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya