ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ගුවන් විදුලිය තාක්ෂණික පියවරක් ගැනිම සුබදායි කාරණාවක්- අමාත්‍ය රුවන් විජේවර්ධන

    සැප්තැම්බර් 06, 2019

    ශ්‍රී ලාංකීය සමාජයට විශාල සේවාවක් ඉටු කරන ජාතික ගුවන් විදුලිය  තාක්ෂණික පියවරක් ගැනිම සුබදායි කාරණාවක් බව ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    රාජ්‍ය මාධ්‍ය ආයතන වලට වඩා පෞද්ගලික මාධ්‍ය ආයතන ඉදිරියෙන් සිටින්නේ ඒවා නවින තාක්ෂණික ක්‍රමවේද නිසා බවද ඊයේ (05) ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවැති උත්සවයක දී අමාත්‍යවරයා කීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි නාලිකා ජංගම දුරකතන යෙදවුමක් ඔස්සේ ශ්‍රවනය කිරිමේ අවස්ථාව ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    ඒ අනුව ඊයේ (50) සිට ගුගල් ප්ලේ ස්ටෝ( google play store )  වෙත ගොස් මෙම SLBC ඇප් එක ඔස්සේ ජංගම දුරකතයට බාගත කරගත හැකි වනු ඇත.

    මේ අනුව, ස්වදේශීය සේවය,සිටි එෆ් එම්, වෙළඳ සේවය,තෙන්ඩ්‍රල්,දෙමළ ස්වදේශිය සේවය,ඉංශ්‍රිසි සේවය,කඳුරට එෆ්.එම් ඇතුළු සේවා මෙම යෙදුම තුළින් ශ්‍රවණය කළ හැකිය.

    1925 දි ආසියාවේ පළමු ගුවන් විදුලි නාලිකාව ලෙසින් ඇරඹි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙම තාක්ෂණික පෙරළියත් සමඟ ලාංකේය ජනතාවට පමණක් නොව විදේශ ගත විවිධ වෘත්තීන් හි යෙදි සිටින මිලියන දෙකකක් පමණ වු ශ්‍රි ලංකිකයින් වෙත වඩා ඉකිමනින් යාමට හැකි වනු ඇත.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර,රජයේ ප්‍රවාත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව,ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත,අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන හා සංනිවේදන  ඒකකයේ අධ්‍යක්ෂ නිතිඥ සුදර්ශ ගුණවර්ධන යන මහත්වරුන්ද මිට එක් වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya