මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 07 සිට 10 දක්වා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිව් දිනක් පුරා පැවැත්වීමට නියමිතය. කලාප 9 ක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය භූමීය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 450 ක් පමණ ස්ථාපිත කර ඇත. යාපනය දිස්ත්‍රික්කය ඇතුලු උතුරු පළාතේ කෘෂීකාර්මික, ධීවර, කර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යවසායක දිරිගැන්වීම් හා මගපෙන්වීම් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.