අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් දා පැවති අවසන් මහා තරගයේ දී අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 26-0 ක් ලෙස ප්‍රතිවාදි රේගු අධිකාරියේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්ව ඇත.
අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික ව දායක කරගැනීම වෙනුවෙන් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් පාසල් පද්ධතියට බඳවා ගන්නා ලද අතර, ඔවුන් අතර රග්බි ක්‍රීඩාවෙහි ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් මෙම සත් සාමාජික කණ්ඩායම සමන්විත විම විශේෂත්වයකි.
කේ.ජී.එම්.ජී සෝමරත්න මහතාගේ නායකත්වයෙන් තරග කළ මෙම කණ්ඩායමේ ආර්.අසංක ලක්මාල් මහතා තරගයේ දක්ෂත ම ක්‍රීඩකයා විය. නන්දසේන චතුරංග මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
තම ජයග්‍රාහී කුසලානය සමඟ අමාත්‍යවරයා හමුවේ ඡායාරූපයකට ද පෙනී සිටි මෙම කණ්ඩායමට අමාත්‍යවරයා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමුවේය.