මේ සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කොට තිබුණි.ඔවුන් අතරින් චමල් රාජපක්ෂ,කුමාර වෙල්ගම හා මහීපාල හේරත් යන මහත්වරුන් නාම යෝජනා භාර නොදෙන බව දැනුම් දුන් බව කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසිය.
ඇප මුදල් තැම්පත් කොට සිටි තවත් දෙදෙනෙකු නාම යෝජනා භාර දිමට පැමිණ සිටයේ නැති බව ද පෙ.ව.11.00ට නාම යෝජනා භාර ගැනිමේ කාලය අවසන් විමෙන් පසු මහින්ද දේශප්රිය මහතා සදහන් කළේය.
නාම යෝජනා සඳහා විරෝධතා දෙකක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.මෙම විරෝධතා මැතිවරණ පනතට අනුව පිළිගත නොහැකි බව සභාපතිවරයා පැවසීය.
අපේක්ෂකයින් 06 දෙනෙකු නාම යෝජනා භාර දී නැත.