අදාළ නියෝගය විවාදයට නොගෙන එකඟතාවයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබීය.
සමාගම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සහ ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ-ක්රීඩාවල තරඟ පාවා දීම,දූෂණය ,නීතිවිරෝධී මෙහෙයවීම්,සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා ද වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් මේ අතර අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.