ඒ මහතා මේ බව පැවසූයේ, අද (08) දින තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ මුලිකත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවතී මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලියාපදිංචි ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමට හැකියාව ලැබෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට කටයුතු කරන බව රාජිත රණසිංහ මහතා පැවසීය. ඒ අනුව, ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප්‍රතිපත්ති ප්රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම නොමිලේ යැවිය හැකි වේ.මෙම විශේෂ තැපෑල හරහා ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛණ යැවීමේ කටයුතු සිදු කෙරේ.
මෙම කටයුත්ත මැතිවරණ කොමිෂන් සභාව සමඟ එකාබද්ධව සිදු කෙරේ.මෙම කාලසීමාව තුළ විශාල ලිපි ප්‍රමාණයක් බෙදා හැරීමට සිදු වෙතැයි අපේක්ෂා කරන බව කී නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊට අඳාළ සියලු ලේඛන විශේෂ රක්ෂිත තැපෑලක් හරහා යැවීමට පියවර ගන්නා බවද පැවසීය.