රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ඡායාරූප ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන මෙම වැඩමුළුව පෙ.ව.9.00 සිට 3.30 දක්වා පැවැත්වෙයි.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වෙයි.
ශ්‍රි ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල,අන්තර්ජාතික ප්රවෘත්ති සේවාවල, මෙන් ම පිළිගත් වෙබ් අඩවිවල වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම හා කුසළතාව සංවර්ධනය කර නූතන ජනමාධ්‍ය භාවිතය හා තාක්ෂණික ප්රවණතා සමඟ ඉදියට ගමන් කරන වෘත්තීය පිරිසක් බවට පත් කිරීම මෙහි අරමුණ වෙයි.