පාගමන පෙ.ව.8.00ට ආරම්භ වීමට නියමිත අතර විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වී එෆ්.ආර්.සේනානායක මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම හරහා ජාතික අක්ෂි රෝහල වෙත ලඟා වීමට නියමිතයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල පාගමන සංවිධනය කරයි.
මීට අමතරව ජාතික අක්ෂි රෝහලෙහි පැවැත්වෙන ඇසේ සුද හඳුනාගැනීමේ විශේෂ අක්ෂි සායනයක් ද පැවැත්වෙයි. ජාතික අක්ෂි රෝහලෙහි උපැස් සැකසීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදු වෙයි. මෙම අවස්ථාවන්ට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගී වීමට නියමිතය.