මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද විමසීම ඉතාම සාමකාමීව හා නිදහස් වාතාවරණයක් තුළ සිදු වුණා- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 11, 2019

    ඇල්පිටිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉතාම සාමකාමීව හා නිදහස් වාතාවරණයක් තුළ  සිදු කිරීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඇල්පිටිය ප්ළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව අවසන් වීම සම්බන්ධව අඳහස් දක්වමින්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

    ඡන්ද මධ්‍යස්ථාන 47ක පොලිස් නිලධාරීන් එක් මධ්‍යස්ථානයකට හතර බැගින් පොලිස් නිලධාරින් යොදව  තිබුණා.ජංගම සංචාර 18කින් සහ මාර්ග බාධක රාජකාරි 8කින් ප්‍රදේශය අවරණය කර තිබුණා.

    එක් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී තිබෙනවා. ඡන්ද විමසීම අවසන් වූ පසුව ඡන්දය ගණන් කිරීම සිදු වන මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කිරීම අවසන්වන තුරු ආරක්ෂව යොදවා තිබෙනවා. දැනටමත් ඇල්පිටිය වෘත්තිය  පුහුණු මධ්‍යස්ථනය අවට ආරක්ෂාව වැඩි කර තිබෙනවා. එමෙන් ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද මේ අවට  ආරක්ෂාවට යොදවා තිබෙනවා යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya