මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සදහා ස්මාර්ට් පංති කාමර 100 ක්

    ඔක්තෝබර් 13, 2019

    යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සදහා ස්මාර්ට් පංති කාමර 100 ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 44 ක මුදලක් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

    ස්මාර්ට් පංති කාමර තුළදී නවීන තාක්ෂණය උපයෝගි කරගෙන දරුවන්ට ඉගැන්වීම් කකටයුතු සිදු කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 26 ක ගුරුවරුන් 52 දෙනෙකු පුහුණු කර ඇති බවත් ඉදිරියේදීත් ගුරුවරුන් සදහා අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.


    අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පවසා සිටියේ, (11) දින යාපනය පේදුරු තුඩුව හාර්ට්ලි විද්‍යාලයේ ස්මාර්ට් පංති කාමරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.


    දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් පහසු කරලීමට හා දරුවන්ට නවීන තාක්ෂණයේ අත්දැකීම් උපයෝගි කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya