මෙය ශ්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යි. මෙය විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙර්. මෙහි ප්‍රථම ගුවන් ගමන අරඹමින් ඉන්දියාවේ එලායන්ස් එයාර් 1 සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිළධාරීන් ද සමඟ 17 දා පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරල් එච්.එම්.සී.නිමල්සිරි මහතා ඇතුළු නිළධාරීහු ද සහභාගි වෙති.
යාපනය- චෙන්නායි අතර වාණිජ ගුවන් ගමන් ඔක්තෝබර් 24 දා සිට ආරම්භ කෙරෙන අතර සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. වරකට මඟින් 70 ක ට ගමන් කළ හැකි ඇඨ්ර් වර්ගයේ ගුවන් යානා මේ සඳහා යොදවන බව එලායන්ස් එයාර් ගුවන් සමාගම සඳහන් කරයි.
පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සඳහා එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතයි. නවතම ගුවන්තොටුපොළ සඳහා පර්යන්ත ගොඩනැඟිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිණි නිවන ඒකකයක් සහ කාර්යයාල ගොඩනැඟිලි සංකීර්ණයක් ද ඉදි කොට තිබේ.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් බිලියන 1,950 ක් ද, ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 300 ක් ද වැය කොට ඇත.