ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    “ගාලු කථීකාවත 2019” අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඇරඹේ

    ඔක්තෝබර් 21, 2019

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්ව දස වන වරටත් පවත්වන “ගාලු කථීකාවත 2019” අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) උදෑසන කොළඹ ගාලුමුවදොර හෝටලේයේදී ආරම්භ විය.

    “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුඳානම් විම: දශකයක සමාලෝචනය” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

    අද ආරම්භ වූ ගාලු කථීකාවතින් පසුගිය වසර 09 තුළ සමුළුව සදහා සම්බන්ධ වූ සියලු පාර්ශවකරුවන්ගේ අත්දැකීම් මත පදනම්ව සමුද්‍රීය තර්ජන වලට මුහුණ දුන් ආකාරය පිළිබදව සමාලෝචනයක් සිදු කෙරෙන බව සමුළුව ආරම්භ කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය. මුහුදු කොල්ලකරුවන්ගේ ආධිපත්‍යයෙන් සහ අන්තර්ජාතික අපරාධ , සාගරික ව්‍යසාන, සාගරික දූෂණ , කලාපීය ගැටළු වලින් යුතු ඉන්දියානු සාගරය පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් සාගරය වඩාත් සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙම සම්මන්ත්‍රණයෙන් බලාපොරොත්තු වන බවද මෙහිදී අදහස් දැක් වූ නාවික හමුදාපතිවරයා පැවසීය.

    මෙවර සමුළුවට රටවල් 54ක නිලධාරීන් 148 දෙනෙකු සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක මෙන්ම ආරක්ෂක කේෂත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03ක නියෝජිතයින් සහභාගී සම්මන්ත්‍රණයට සහභාගී වූ අතර සමුළුව අද(21) සහ හෙට(22) දෙදින පුරා කොළඹදී පැවැත් වේ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න, යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් , විදේශ කටයුතු අමාත‍්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු දෙස් විදෙස් නාවික හමුදාපතිවරුන් සහ නාවික හමුදා ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya