ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත මෙම සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතු ඔක්තෝබර් මස 3 වැනි දින සිට ආරම්භ කෙරිණි.
නිට්ටඹුව සාරිපුත්ත, මඩකලපුව, අඩ්ඩාලච්චේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිසුන් ඇතුළත් කරගැනීම ඔක්තෝබර් මස 03 වැනි දින සිදුකෙරුණු අතර, මහවැලි, සියනෑ, රුවන්පුර, සහ පේරාදෙනිය විද්‍යාපීඨ සදහා ඔක්තෝබර් 15 වැනි දින සිසුන් ඇතුළත් කරගන්නා ලදී. එමෙන් ම වව්නියා, යාපනය, දර්ගා ටවුන් සහ ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඔක්තෝබර් 16 දින ද, මහරගම සහ ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඔක්තෝබර් 17 දින ද සිසුන් ඇතුළත් කරගන්නා ලදී.
නිල්වලා සහ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඔක්තෝබර් 24 වැනි දා සිසුන් ඇතුළත් කරගැනෙන අතර, දඹදෙනිය සාරිපුත්‍ර, රුහුණ, හාපිටිගම සහ පස්දුන්රට හා පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙත ඔක්තෝබර් මස 28 වැනි දා සිසුන් ඇතුළත් කරගැනීමට නියමිතය.
මෙම ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අපේක්ෂකයින් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන බඳවාගත් දින සිට දින 18ක කාලයක් සිදු කෙරේ. මෙතෙක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට වසරක දී ඇතුළත් කරගැනුනේ සිසුන් 3500ත්4000ත් අතර ප්‍රමාණයක් වන අතර මෙවර කණ්ඩායම් දෙකක සිසුන් 8000ක සංඛ්‍යාවක් එකවර බඳවා ගත් බැවින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත රුපියල් මිලියන 430 මූල්‍ය ප්‍රතිපාදන යොදවා දේශන ශාලා, නේවාසිකාගාර, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීමට මේ වනවිටත් කටයුතු යොදා ඇත.