ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සමාජ විරෝධි කටයුතුවලට හේතුව මානව දයාව ජනතා සිත්වලින් ඈත්වීමයි- දකුණු පළාත් ආණ්ඩුකාර

    ඔක්තෝබර් 22, 2019

    වර්තමානයේ සිදුවන සමාජ විරෝධී කටයුතුවලට හේතුව සහෝදරත්වය,මිත්‍රත්වය,ආදරය, මානව දයාව වැනි ගුණාංග ජනතාවගේ සිත්සතන් වලින් ඈත්ව යාම බවත්, එවැනි ගුණාංග වර්ධනය කරලීමට නම් කුඩා කල සිටම දරුවන් ‘බාලදක්ෂ ව්‍යාපාර‘ වලට යොමු කිරීම වැදගත් කරුණක් බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.


    ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ මාතර රාහුල විද්‍යාලයේ පැවැත්වෙන උතුර හා දකුණ යා කරමින් සහෝදරත්ව, මිත්‍රත්ව බාලදක්ෂ කඳවුරේ සමාරම්භක නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

     

    වසර ගණනාවක් තිස්සේ බාලදක්ෂ ව්‍යාපාරය තමන්ගේ පාසල් අවධිය හා බැඳී පැවති බවත්, බාලදක්ෂ ව්‍යාපාරයට පෙර සිටම හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍ය උපරිම සහාය ලබා දුන් බවත් ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ ය. පසුගිය දිනක දී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා තමන්ට හමු වූ බවත්, එතුමන්ගේ සුභාශිංසන පළ කරන්නට ද මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව එදින රාත්‍රී විශේෂ භෝජන සංග්‍රහයක් මෙම කඳවුරට සහභාගී වූ බාලදක්ෂයින් වෙනුවෙන් ලබා දීම ද විශේෂත්වයකි.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් වරලත් ඉන්ජිනේරු මෙරිල් ගුණතිලක මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති, විශ්‍රාමලත් ජේෂ්ඨ පොලිස්පති, ජේ. වාකිෂ්ඨ මහතා, මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ඩී.ජී. ඉන්දික ප්‍රසන්න මහතා ඇතුළු පිරිසක් එක්විය.

    යාපනය හා මාතර දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් බාලදක්ෂයින් 175 ක් පමණ මෙම බාලදක්ෂ කඳවුරට සහභාගී වී සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya