ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 23, 2019

    නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ පාර්ලිමේන්තුවට අද (23 වෙනිදා) ඉදිරිපත් කිරීමට 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු යොදා ඇති බව එහි සභාපති නියෝජ්‍ය නථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

    මෙම වාර්තාව පිටු 200 කින් පමණ සමන්විත බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

    මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා, විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව සඳහන් කළේය.

    “මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ බලය තියෙන්නේ උසාවියට. විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූයේ අතපසුවීම්, අඩුපාඩු හා දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම” යැයිද හෙතෙම පැවසීය.

     නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, එම තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධිකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලූ බවද කුමාරසිරි මහතා පැවසීය.


    එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරද වාර්තාව මගින් නිර්දේශ කරනු ලබන බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා තවදුරටත් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya