එක්සත් ජාතීන්ගේ තිරසාර නයිට්රජන් කළමනාකරණය පිළිබඳ ගෝලීය වැඩසටහන දියත් කිරීම ද මෙහිදී සිදු කෙරේ. කැලෑ පරිසර පද්ධති හා ඒ හා සම්බන්ධ වැදගත් සේවා අගය කිරීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.
කතානායක කරූ ජයසූරිය,මහවැලි සංවර්ධන හා පරිසර රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ Joyce Msuya යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.
සමුළුව අවසානයේ ඉන්දියානු ගායක රිකී කෙජ් සහභාගීවන ප්රසංගයක්ද පැවැත් වේ. දෙස් විදෙස් නියෝජිතයන් 1600ක් පමණ මෙම ප්‍රදර්ශනයට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.