මෙම සැමරුම් වැඩසටහනේ දී වැඩිහිටි නිවාස අතර පැවැත්වූ තරඟවලියෙන් පළාතේ හොඳම වැඩිහිටි නිවාස බවට පත්වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත තිලිණ සහ සහතිකපත් ප්රදානය කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව හොදම ප්‍රාදේශීය බල මණ්ඩල, හොදම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන යන අංශ යටතේ පවත්වන ලද තරඟාවලියෙන් ජයගත් ජයග්‍රාහක ජයග්රාහිකාවන්ටද තිළිණ සහ සහතිකපත් පිරි නැමීමට කටයුතු යොදා ඇත.
ජේෂ්ඨ වැඩිහිටියන්ගේ නිර්මාණාත්මක කුසලතා සදහා අවස්ථාව සලසාදීමේ අරමුණීන් ජේෂ්ඨ වැඩිහිටි පුරවැසියන්ගේ නිර්මාණ ඇතුලත් සමරු කලාපයක් හා ඔවුන්ගේ අත්කම් නිර්මාණ ඇතුළුත් ප්‍රදර්ශනයක් සහ අලෙවි පොළක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ මධ්‍යම පළාත් සමාජ සුභ සාධන පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවයි.
DMU/Kandy