මෙම වසරේ CINEC Logistics Day තේමාව ලෙස “තෙල් සහ ස්වාභාවික වායු කැනීම් සහ නිෂ්පාදනය සඳහා ක්‍රම කාර්ය සම්පාදනය” (Logistics) වැදගත් වන ආකාරය පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට තීරණය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු පසුගිය වසරේ සිදු කරනු ලැබූ අතර මන්නාරම් ද්‍රෝනිය හා කාවේරි දූපත් ආශ්‍රිතව තෙල් කැනීම් කටයුතු පිළිබඳව ටෙන්ඩරයක් මේ වසරේදී ප්‍රසිද්ධ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ආර්ථික සංධිස්ථානයක් මෙන් ම ක්‍රම කාර්ය සංවිධානය කිරීමේ ක්ෂේත්‍රවලට අතීතයේ නොතිබුන අභියෝග මතු කරන ප්‍රවණතාවයක් බව හඳුනාගෙන ඇත. එහෙත් මේ පිළිබඳ සමාජ කතිකාවතක් ඇති නොවීම බලවත් දැනුම් පරතරයක් අනාගතයේ මතු වීමට හේතුවක් බවයි මහාචාර්ය ලලිත් එදිරිසිංහගේ අදහසයි.
මෙවර Logistics Day යටතේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. එහිදී මූල දේශනය හේලීස් බලශක්ති සේවා ආයතනයේ අධ්‍යක්ෂක රිකී බානට් මහතා විසින් ද ආරාධිත දේශනය ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ (PRDS) අධ්‍යක්ෂක ප්‍රීති විතානගේ මහත්මිය විසින් ද කරනු ඇත.
මෙවර පාසල් ප්‍රශ්න විචාරාත්මක මූලික තරඟ වටවලින් ජයග්‍රහණය කළ කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අවසන් වටය සඳහා මෙදින තරඟ වදිනු ඇත.
Logistics Day – 2019 සඟරාවේ හත්වන මුද්‍රණය මෙහිදී එළි දැක්වීමට නියමිතය. අන්තර් පාඨශාලීය සහ අන්තර් විශ්ව විද්‍යාලීය තේමාවට අදාල රචනා සහ පර්යේෂණ ලිපි සඳහා ත්‍යාග ප්‍රධානයද මෙදින උත්සවාකරයෙන් සිදු කෙරේ.
CINEC ක්‍රම කාර්ය සම්පාදන දිනය පසුගිය වසර 10ක කාලයක් ඉතා සාර්ථකව පවත්තනු ලැබීය. Logistics (ක්‍රම කාර්ය සංවිධානය) පාසල් විෂය ධාරාවට ඇතුලු කරනු ලැබුවේ 2017 වසරේදීය. එම කාර්යේදී CINEC ආයතනය විසින් හඳුන්වා දෙන ලද Logistics Day හරහා සිදුවුන සමාජ මෙහෙවර අති විශාලය.
එහිදී සෑම වසරක ම ක්‍රම කාර්ය සංවිධානයට අදාල විවිධ ක්ෂේත්‍ර සම්මන්ත්‍රණ තේමාව ලෙස තෝරාගැනීම සහ සමාජ කතිකාවක් ගොඩ නැගීම මෙන් ම අන්තර් විශ්ව විද්‍යාලීය පර්යේෂණ ලිපි සහ රචනා තරඟාවලියක් වාර්ෂිකව සංවිධානය කිරීම, Logistics Day - සඟරාව වාර්ෂිකව නොකඩවා එළි දැක්වීම, අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සහභාගීත්වය ඇතිව අන්තර් පාඨශාලීය ප්‍රශ්න විචාරාත්මක තරඟයක් හා රචනා තරඟයක් වාර්ෂිකව සංවිධානය කිරීම, ක්‍රම කාර්ය සංවිධානය (Logistics) විෂය රජයේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කිරීම සහ එම අභියෝගය 2017 වසරේදී සාර්ථකව ජය ගැනීමත් සිදුවිය.