ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ අධ්යක්ෂ ජෙනරාල් බාල්රාම් භරගවා මහතා ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයේ විද්වතුන් රැසක් ද සහභාගි වී සිටියහ.