ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට- 2030 වනවිට මේ රට ණය බරින් අවම වූ රටක් බවට පත් කරන්න පුළුවන් - මුදල් අමාත්‍ය

    ඔක්තෝබර් 23, 2019

    2020 ජනවාරි 01 වැනි දිනයෙන් ආරම්භ වී 2020 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලසෙන විසර්ජන  පනත ආරම්භ වන දිනයට පෙරතුවම වූ දිනය හෝ 2020 අප්‍රේල් 30 වන දින කාල සීමාව දක්වා රජයේ වියදම්  සඳහා වූ අතුරු සම්මත ගිණුම අද(23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළේ ය.

    2020 සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා මෙසේ ද කීය.

    රටේ ආර්ථිකය වෙනුවෙන් ඉටු කළ යුතු වැදගත් කාර්යක් අප වෙත පැවරී තිබෙනවා. අතුරු සම්මත ගිණුමක් මඟින් මාස හතරක් සඳහා මුදල් වෙන් කර අයවැයක් පසුව ඉදිරිපත් කිරීම මීට පෙර ද සිදුව තිබෙනවා.

    මේ කෙටි කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ න්බැගී තිබෙනවා. 2015 මහා ණය කන්දක් අපේ කර  මත තියාගෙන ගමන අරම්භ කළේ. සාර්ථකව ඒ කටයුතු සිදු කරන්න අපට හැකි වී තිබෙනවා.කවදාවත් නැති  තරම් අප ණය ගෙවනවා. රුපියල් ට්‍රිලියනයක් ණය ලෙස ලබන වසරේ ගෙවන්න තියෙනවා. මේ කාගේ ණයද  ?රජයේ ආර්ථික කළමනාකරණය නිසා ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටී නෑ.වගකිව යුතු ආණ්ඩුවක් ලෙස  සැම ශතයක් ගෙවන නිසා ජාත්‍යන්තරය මහා විශ්වාසයක් ඇතිව ක්‍රිය කරන්නේ. මූල්‍ය විනය ප්‍රතිපත්තියක් නිසා  ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. 2030 වනවිට මේ රට ණය බරින් අවම වූ රටක් බවට පත් කරන්න  පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya