ඒ මහතා මේ බව පැවසුවේ " මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද,ප්‍රායෝගික ද "මැයෙන් කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (22) පැවැති සම්මන්ත්‍රණයක දී ය.
ජනාධිපතිවරණ පනත අනුව රාජ්‍ය මාධ්‍ය නියාමනය කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාවට තිබෙනවා. එසේ වුවත් මැතිවරණයේ දී පෞද්ගලික මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන අපට පැමිණිලි ලැබෙනවා. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන භාවිතා කරන සංඛ්‍යාත මහජන දේපලක් බව කල්පනා කොට ඔවුන් ඒ අනුව ක්‍රියා කළ යුතු යැයි ද ඒ මහතා පැවසීය.
මාධ්‍ය ආයතන වැඩ සටහන් ඉදිරිපත් කළ යුත්තේ ජනතාවගේ හදවතට නොව ඔවුන්ගේ මනස සංවධර්නය කිරීමට බව ද පැවසූ දේශප්‍රිය මහතා, පෞද්ගලික මාධ්‍ය ආයතන මැතිවරණ මාධ්‍ය උපමාන දිගින් දිගට ම උල්ලංඝනය කරන්නේ නම් ඒවාට අවවාද කොට ගැසට් පත්‍රයේ පළ කිරීමට සිදු වන බව ද කීය.
මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, මැතිවරණ නීති උල්ලංඝනය කරන මාධ්‍යවලට විරුද්ධව අධිකරණයට යාමට සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට අයිතියක් තිබෙන බව කීවා ය.
මාධ්‍ය උපමාන කඩ කරන අවස්ථාවල දී දඬුවම් දිය හැක්කේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පමණයි.එහෙත් පෞද්ගලික මාධ්‍ය ආයතන ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු කරනවා . එබැවින් පෞද්ගලික මාධ්‍ය ආයතන කළ යුත්තේ ඔවුන් විසින්ම ස්වයං වාරණයක් පනවා ගැනීම බවද උඩගම මහත්මිය තවදුරටත් පැවසුවාය .
මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා සම්මන්ත්‍රණය මෙහෙයවූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. මොහොමඩ් මහතා දමෙහි දී අදහස් දැක්වීය. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ.