තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය නිළධාරීන්, පොලීසිය හා අනෙකුත් ආරක්ෂක අංශවල රාජ්‍ය සේවකයින් අයදුම්පත් ඉදිරිපත් කර තිබිණි. නිසි ලෙස සම්පූර්ණ නොකළ සෙසු අයදුම්පත් 6870ක් ප්‍රතික්ෂේප වූ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඡන්ද දායකයෝ හය ලක්ෂ අසූ දෙදහස් හාරසිය පනස් දෙනෙක් (682450)ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් ලබා සිටිති.
මෙම සංඛ්‍යාව 2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව සැකසූ එකක් වන අතර 2018 ජූනි 30 වනදායින් පසු මිය ගිය හා විදෙස් ගත වූ පුද්ගලයන් වෙතොත් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන බව ද ඒ දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.
2018 ඡන්දහිමි නාමලේඛනයේ දැක්වෙන ආකාරයට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මෙසේය.
(අ) මැදවච්චිය 90797, (ආ) හොරොව්පොතාන 86622, (ඇ) නැගෙනහිර අනුරාධපුර 105155, (ඈ) බටහිර අනුරාධපුර 109976, (ඉ) කලාවැව 131906, (ඊ) මිහින්තලේ 69284, (උ) කැකිරාව 88710 මෙවර ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි කිසිවක් මෙතෙක් ලැබී නොමැති බවත්, නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි පමණක් ලැබී ඇති බවත් දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයා සඳහන් කළේය.