රටවල් 16ක් නියෝජනය කරන පලපුරුදු නිරීක්‍ෂකයින්ගෙන් යුත් මෙම කණ්ඩායමේ දෙදෙනෙකු (23) දින ශ‍්‍රී ලංකාවට පැමිණි බව එම සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂිකා චාන්දනී වටවල මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවාය.
කෙටිකාලීන නිරීක්‍ෂකයින් 28ක් හා දිගුකාලීන නිරීක්‍ෂකයින් 9 දෙනෙකු හා විශ්ලේෂකයින් ඇතුළු ප‍්‍රධානීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම නිරීක්‍ෂකයින් දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක වලට ගොස් නිරීක්‍ෂණය කටයුතු සිදු කරනු ඇති බවත් මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියද ඔවුන්ට ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය.
තායිලන්තය මූලස්ථානය කොට පිහිටි නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL)) මෙයට පෙර ශ‍්‍රී ලංකාවේ පැවති මැතිවරණ 10ක් නිරීක්‍ෂණය කොට ඇති බවත් මෙරටට එන නිරීක්‍ෂණ කණ්ඩායමේ නායකයා ලෙස පිලිපීනයේ දමාසෝ මග්බුවාල් මහතා කටයුතු කරන බවත් වටවල මහත්මිය කීවාය. මෙම නිරීක්‍ෂණ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ පැෆරල් සංවිධානය සමග සිය කටයුතු කරගෙන යනු ඇත,