උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (24) පැවැත් වූ රුවන්වැලි මහා සෑරදුන්ගේ සිදුකෙරමින් පවතින වත්මන් ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට වැඩම කළ අවස්ථාවේ දී ය.
මෙම මාධ්‍ය හමුවේ දී, චෛත්‍යරාජයාණන් වහන්සේගේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වල රටේ ජනතාවගේ සැකසංකා දුරු කිරීමත්, සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවිධ අසත්‍ය ප්‍රචාර හා කටකතා සඳහා නිසි පිළිතුරක් ලබා දීමත්, වත්මනේ සිදු කෙරෙන සුවිශේෂී ප්‍රතිසංස්කරණ පිළිබඳව බැතිමතුන් සහ රටේ ජනතාව දැනුවත් කිරිමත් යන අරමුණු පදනම් කර ගත් බව අටමස්ථානාධිපති හිමියෝ පැවසූහ. .
මෙහි දී ප්‍රතිසංස්කරණ කටයුතු ලෙස කොත් වහන්සේගේ ආලේපිත රත්‍රන් පැහැති තීන්ත තදබල ලෙස අවපැහැ වී ඇති බැවින් අලුතින් රන් පැහැති තීන්ත වෙනුවට පිරිසිදු රත්‍රන් භාවිත කිරීමත්, චෛත්‍ය මත ස්ථාපිතව පවතින අකුණු සන්නායකය අබලන්ව දිරාපත්ව ඇති බැවින් නව අකුණු සන්නායකයක් සවි කිරීමත්, චෛත්‍ය මත ස්ථාපිතව පවතින විදුලි පද්ධතිය අබලන්ව දිරාපත්ව ඇති බැවින් නව ආලෝක පද්ධතියක් සවි කිරිමත් වේ.
ඒ අනුව, මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූලික බරපැන දරා කරනු ලබන්නේ විශ්ව පාරමී පදනම විසින් බවත්, එම පදනම විසින් මෙතෙක් සිදු කරන ලද වෙනත් බෞද්ධ කටයුතු පිළිබඳව ඇති පූර්ණ විශ්වාසය මත රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා භාර දුන් බවත් පැවසූ අටමස්ථානාධිපති හිමියෝ එම සංවිධානය ශ්‍රී ලංකා සංවිධානයක් බවත්, ඊට දේශපාලනික මැදිහත්වීමක් හෝ නොමැති බවත්, කිසිඳු ලාභයක් බලාපොරොත්තුවකින් තොර වූ පදනමක් බවත් වැඩිදුරටත් සඳහන් කළහ.
එමෙන්ම, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් ද අටමස්ථානාධිපති හිමියන්ගේ කතාව සනාථ කළ අතර, ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය නිරන්තරයෙන් සිදු කෙරෙන බවත්, ඊට පළපුරුදු ඉංජිනේරුවරුන්ගේ සහය සහ දැනුම මේ සඳහා උපයෝගී කරගන්න බවත්ය. එමෙන්ම, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා ද ඉඳි කිරීමේ දී කිහිවතාවක්ම ගොස් අධීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති, විහාරාධිකාරී අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු, අටමස්ථානාධිපති හිමිවරුන් වැඩම කළ අතර, ඉංජිනේරු ගැමුණු සිල්වා, විශ්වපාරමි පදනම වෙනුවෙන් ජනාධිපති නිතීඥ පුජිත එගලහේවා සහ අනුරාධපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාප් සෙනරත් සන්දුන්ගහවත්ත යන මහත්වරුන් ද මේ සඳහා සහභාගී වීය.