මේ සඳහා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් තක්ෂණ අංශවල නිලධාරීන් හා නියෝජිතයන් සහභාගී වී සිටියේ ය.
ප්‍රථිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට මැතිවරණ කොමිෂන් සභව වෙත ලබාගන්නා ආකාරය සහ ඉන් අනතුරුව ඒවා පරිගණක තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍යවෙත නිලවශයෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන්
පැහැදිළි කිරීමක් සභපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කළේ ය.
ජනමාධ්‍යවෙත නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ බලය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරෙන බව කී මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බවද පුවත්පත්වලට නිල ප්‍රතිඵල නිකුත් කිරීම ද එහිදී ද සිදු කෙරෙන බව සඳහන් කළේ ය.
මෙම ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වූ පරිගනක වැඩසටහන සාමූහිකව කළ කටයුත්තක් බවත් පරිගණක පිළිබඳ විශේෂඥතාවය සහිත සැමගේ අඳහස් ලබාගෙන කළ වැඩසටහනක් බවත් මැතිවරණ ප්‍රතිඵල කිසිදු ගැටළුවක් ඇතිනොවන ආකාරයට ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රථිපල නිකුත් කිරීමට අදාළව සෑම අවස්ථාවකම විකල්ප වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
නොවැම්බර් 18 සවස වන විට ප්‍රතිඵල ලබාදී අවසන් කිරීමට හැකියාව තිබෙන බවද එහිදී සභාපතිවරයා ප්‍රකශ කර සිටියේ ය.
මේ අවස්ථාවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා,මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ එස්.ඒකනායක මහතා ඇතුළු පරිගණක තාක්ෂණ විශේෂඥ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියේ ය