ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද විමසීම සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සංවිධානය කෙරෙනවා - කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    ඔක්තෝබර් 26, 2019

    ඡන්ද විමසීම සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු මේ වනවිට සංවිධානය කරමින් පවතින බවත් ඒ  සඳහා 6000ක සේවක පිරිසක් යෙදවීමට කටයුතු කරන බවත් කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනිල්  කන්නන්කර මහතා පවසයි.


    2019 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කටයුතුවල සූදානම පිළිබඳව කොළඹ දිස්ත්‍රික්  තේරීම්භාර නිලධාරී සුනිල් කන්නන්කර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

    කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දහසය ලක්ෂ හැත්තෑදාස් තුනක් ඡන්දය භාවිතා කිරීමට නියමිතව  තිබෙනවා. මින් 33922ක් තැපැල් ඡන්ද දයකයින් හැටියට ඡන්දය භාවිතා කිරීමට නියමිතයි. තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිටත්  සහතික කරන නිලධාරීන් වෙත මේ වනවිටත් යොමු කොට තිබෙනවා. තැපැල් ඡන්දය භාවිතා කරන ස්ථානවල කටයුතු අධීක්ෂණයට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

    මෙම ඡන්ද විමසීම සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු මේ වනවිට සංවිධානය කරමින් පවතිනවා.  ඡන්දය භාවිතා කිරීමට කොළඹ දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 1174ක් ස්ථාපිත කර තිබෙනවා. මේ සඳහා  අවශ්‍ය කාර්ය මණ්ඩලය පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනව. ඡන්ද ස්ථානාධිපතිවරු පුහුණු කිරීමේ  කටයුත්තක් සිදු කරගෙන යනවා.

    සමස්ත ගනන් කිරීමේ ශාලා 169ක් තිබෙනවා. ඉන් 25ක් තැපැල් ඡන්ද ගණන් කිරීමේ ශාලා වෙයි.තැපැල් ඡන්ද
    ගණන් කිරීම සම්පූර්ණයෙන් ම සිදුවන්නේ රාජකීය විද්‍යාලයේ දී.තැපැල් දෙපාර්තමේන්තුවට නිල ඡන්ද පත්‍රිකා
    බාර දීමේ කටයුතු සිදු කෙරුණා.ඡන්ද විමසීමේ කටයුතු සඳහා දැනටමත් මූලික කටයුතුවලට විශාල සේවක
    පිරිසක් යොදවා ගනිමින් සිටිනවා. ඡන්ද විමසීමේ හා ගනන් කිරීමේ කටයුතු සඳහා 6000ක පමණ සේවක පිරිසක්
    යොදවා ගන්නට බලාපොරොත්තු වෙනවා.ඡන්ද විමසීමට අදාළ කටයුතු පියවරෙන් පියර සාර්ථකව සිදු වෙනවා
    යැයි ද සුනිල් කන්නන්කර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya