ජනාධිපතිවරණය 2019ට අදාළව ජනමාධ්‍ය වෙත නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැති අතර එහිදී අඳහස් දක්වමින් සභපතිවරයා මේ බව සඳහන් කළේ ය.
මාධ්‍යයට නිල ප්‍රතිඵල ලබාදීමේ භාරකරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයායි.ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිකුත් කිරීමක් පුවත්පත්වලට සිදු කරනවා. ජනාධිපතිවරණ නිල ප්‍රතිඵලය,18 වැනිදා සවස දිවුරුම් දීමට හැකි වන ලෙස ප්‍රතිඵල ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීමක් කණ්ඩායමක් හැටියට සිදු කරන්නේ.කොමිෂන් සභාව මෙය අධීක්ෂණය කරනවා. ඡන්ද පත්‍රිකාව දිගහැරීමට කාලයක් ගත වෙනවා.පත්වෙන ජනාධිපතිතුමා ප්‍රතිඵල නිකුත් වී සති දෙකක් තුළ දිවුරුම් දීම අත්‍යාවශ්‍යයි.
නිල නොවන ප්‍රතිඵල දෙන එකෙන් වළකින්න.ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේ ය.