2019 ඔක්තෝබර් 19 වන දින හලාවත ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ එක්දින ධීවර යාත්‍රාවක් එහි පිටත දහන යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ධීවරයින් දෙදෙනා මුහුදේ අතරමංව සිට ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලදවිගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි නාවික හමුදා යාත්‍රාවක් එම ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතුකෙරිණි.
ඒ අනුව, වයඹ මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි මෙම ධීවරයින් නාවික හමුදාව මඟින් සොයාගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව මඟින් එම ධීවරයින් නිරුපද්‍රිතව කල්පිටිය පිහිටිශ්රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු පුත්තලම, සහකාර ධීවර අධයක්ෂක වෙත භාර දීමට කටයුතුකෙරිණි. තවද, නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි