ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරේ - සතියේ දිනයන්ට අමතරව නොවැම්බර් මස 03ත් නිල ඡන්ද පත්‍රිකා බෙදයි

    ඔක්තෝබර් 29, 2019

    2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා දිවයින පුරා බෙදා හැරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ  කර තිබේ.

     ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම  සිදු විය.

    මෙම නිල ඡන්ද පත‍්‍රිකා සතියේ දිනයන්ට අමතරව නොවැම්බර් මස 03 දින ද බෙදා හැරීම සිදු කරන බව බව තැපැල්පති  රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය. නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට  බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් කීය.

    එමෙන් ම තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකාව බෙදා දීමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් 03 දින කටයුතු කෙරෙන බව  මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 09 දින අවසන් වෙයි.

    නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිත බව තැපැල්පතිවරයා සඳහන් කරයි. එමෙන් ම නිල  ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට පැමිණෙන තැපැල් සේවකයින්ගේ ආරක්ෂාව සඳහා නිවාසවල සිටින සුනළයින් බැඳ  තබන්නැයි ද තැපැල්පතිවරයා ඉල්ලීමක් කරයි.

    එමෙන් ම යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට තම ප්‍රදේශයේ තැපැල්  කාර්යාලවට ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ  අධ්‍යක්ෂ ( පර්යේෂණ හා සැලසුම් ) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට දන්වා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya