අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ කිරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව දීර්ග වීම සැළකිල්ලට ගෙන මෙතෙක් සාම්ප්‍රදයිකව භාවිතා කළ ලී ඡන්ද පෙට්ටිය වෙනුවට විශේෂ ආරාක්ෂිත ඝන කඩදාසිවලින් නිෂ්පාදිත කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මෙම ඡන්ද පෙට්ටි ප්‍රමාණ තුනකින් සමන්විත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලියාපදිංචි ඡන්ද පත්‍රිකා 800ක් තිබෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත කුඩා ඡන්ද පෙට්ටියත්, ඡන්ද පත්‍රිකා 800-1600ත් අතර ප්‍රමාණයට මධ්‍ය ප්‍රමාණයේ ඡන්ද පෙට්ටියත්, ඡන්ද පත්‍රිකා 1600ට වැඩි ඡන්ද මධ්‍යස්ථන වෙත විශාල ප්‍රමාණයෙන් ඡන්ද පෙට්ටියත් භාවිතා කිරීමට අපේක්ෂා කරයි. එමෙන් ම ඡන්ද පත්‍රිකා 800ට අඩු ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිතා කිරීමට ද අපේක්ෂිතය.
මෙම කාඩ්බෝඩ්වලින් සකස් කළ පෙට්ටි සඳහා සුවිශේෂී ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දී තිබෙන අතර ආරක්ෂිත ස්ටීකර්,ලේබල,මෙන්ම අංක සලකුණු,රහස්‍යය මුද්‍රා ආදියෙන් ද සමන්විත වෙයි. මෙම ඡන්ද පෙට්ටිය සඳහා අඟුළු දැමීමට ද ( ඉබ්බෙක් ) හැකියාව තිබේ. එමෙන් ම රහස් මුද්‍රා සහිත ටේප් යොදා පෙට්ටිය මුද්‍රා තැබීමට ද කටයුතු සම්පාදනය කර තිබේ.
ඡන්ද පෙට්ටිය රැගෙන යැමේ දී ඊට තවත් ආරක්ෂිත පොලිතීන් අසුරණයකින් ආවරණය කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව ඡන්ද පෙට්ටිය වැස්සෙන්,හෝ තෙතමනයකින් ආරක්ෂා කරගැනීමට හැකිවෙයි.
මෙම නව ඡන්ද පෙට්ටි පිළිබඳ ඉදිරියේ දී ඡන්ද පොළ භාර ස්ථානාධිපතිවරු හා අදාළ නිලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගැනීමට නියමිතය.