ඉදිරි දින දෙක තුළ මෙම පුහුණුවීම් සියල්ල අවසන් කර, 31 දින තැපැල් ඡන්ද ආරම්භ වන මොහොතට නිරීක්ෂකයින් යොදවන්නට බලාපොරොත්තු වෙනවා.
මෙවර තැපැල් ඡන්දය ද පෙර මෙන් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31 සහ නොවැම්බර් 01 දින සිදු කෙරේ. මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා තිබේ.