පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට අරාබි මුහුද දෙසට- ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින්න

    ඔක්තෝබර් 29, 2019

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට අරාබි මුහුද දෙසට ගමන් කර දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින අතර එය තව දුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම බලපෑමට යටත්ව දැනට පවතින වැසි තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්හි මි.මී. (100- 150) අතර තද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර පුත්තලම දිස්ත්‍රික්කයේද මි.මී. 100 පමණ තරමක් තද වර්ෂාපතනයක් අද දිනයේත් පැවතිය හැකි බවයි.


    දකුණ, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වලද නුවරඑළිය, රත්නපුර, කළුතර සහ මාතලේ දිස්ත්‍රික්කවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

    ත්‍රිකුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවන් පවතින අතර ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබ‍ඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    දිවයින හරහා වන සුළගේ වේගය පැයට කි.මී. (50-60) දක්වා වැඩි විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි ක්ෂණික ගංවතුර සහ නායයාම් තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ඒ සඳහා පූර්ව සූදානම් පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya