මෙම තත්ත්වය පාලනය කිරීමට පියවරක් ලෙස සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය මගින් දිවයින පුරා ඩෙංගු මදුරු සහ කීට මර්දන වැඩසටහනක් සංවිධානය කර ඇත.
විශේෂයෙන්ම කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු පැතිර යාමේ අවදානමක් පවතින අතර අනෙකුත් දිස්ත්‍රික්කවල ද මෙම තත්ත්වය ඉහළ යාමේ ඉඩක් පවති.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර , යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව්, මඩකලපුව, ත්‍රීකුණාමලය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය යන ප්‍රදේශවල
2019 ඔක්තෝබර් මස 31 දින සිට නොවැම්බර් 02 වන දින දක්වාත්, කොළඹ දිස්ත්‍රික්කය, කොළඹ මහනගර සීමාව, ගම්පහ, කළුතර. මහනුවර, යාපනය, කල්මුණේ, ත්‍රිකුණාමලය, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නොවැම්බර් 04 දින සිට 06
වන දින දක්වාත් ඩෙංගු මර්දනය සදහා සැලසුම් සංවිධානය කර ඇත.
පවතින අවදානම් තත්ත්වය පාලනය කර ගැනීමට පළාත් පාලන ආයතනවල සෘජු මැදිහත් වීම හා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල දායකත්වය මෙන්ම ප්‍රදේශයේ නිවැසියන්ගේ සක්‍රීයව දායකත්වය අත්‍යවශය බවත් පරිසරය හිතකර ලෙස පවත්වා ගැනීමට අඛණ්ඩව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.