මේ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම මධ්‍යස්ථාන 156 කදි ඔක්තෝබර් 31 හා නොවැම්බර් 01 යන දිනවල සුදුසුකම්ලත් නිලධාරින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන් සඳහා නොවැම්බර් මස .07 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදි තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථා සලසා ඇත.
තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම අධීක්ෂණය කිරීම සදහා සෑම තැපැල් ජන්ද මධ්‍යස්ථායක් වෙතම රාජ්‍ය නිලධාරීන් පත්කොට ඇති බව ද පැවසීය. මෙම 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ලග්ගල, මාතලේ හා රත්තොට යන මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් මෙවර ඡන්ද දායකයින් 401496 ක් ජන්දය ප්‍රකාශ කිරීම සුදුසුකම් ලබා ඇත. වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් අයත් වන්නේ දඹුල්ල ඡන්ද කොට්ඨාසයට වන අතර එම සංඛ්‍යාව 1.39,857 කි. ලග්ගල 73,617ක්, මාතලේ 89,490ක්, රත්තොට 98,532ක් වශයෙන් ඡන්දය ප්‍රකාශ ඒ අනුව සුදුසුකම් ලබා ඇත.