ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනය සාමකාමයි - කැෆේ කියයි

    ඔක්තෝබර් 31, 2019

    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම  ආරම්භ වූ අද (31) දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

    එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ,  අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදවා අද දිනයේ තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.

    කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත  ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා ඇති බවත්  නීති විරෝධී ප්‍රචාරණ සිදුවීම් වාර්තා වූ බවත් ඇය සඳහන් කළාය.

    ඒ හැරුණුකොට කිසිදු ආකාරයක බරපතල සිදුවීමක් වාර්තා නොවූ බව කැෆේ  සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා  දුන්නාය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya