ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට පත් ජනයාට සහන සළසන්න දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මිලියන 16 ක්

    නොවැම්බර් 01, 2019

    අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මිලියන 16 ක මුදලක් ලබා දීමට පසුගිය (30) දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කටයුතු කළේය.

    ඒ අනුව ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන සඳහා ලක්ෂ 10 බැගින් ද ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක මුදලක් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය සභාවට රු. ලක්ෂ 10 ක් බැගින් ද ලබා දීමට ආණ්ඩුකාවරවරයා පියවර ගත්තේ ය.

    ආණ්ඩුකාරවරයා අද පෙරවරුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය. ඒ අතරවාරයේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් තංගල්ල ප්‍රාදේශීය සභාවට කැඳවා මෙම මූල්‍ය පරිත්‍යාගයන් සිදු කළේය. එම ප්‍රතිපාදන හරහා ආපදාවට පත් පවුල්වල ජනතාවට කඩිනමින් සහන සළසන ලෙස ද ආණ්ඩුකාරවරයා පළාත් පාලන ප්‍රධානීන්ට නියෝග කළේ ය.

     මෙවැනි ආපදා තත්වයකදී සහන සැලසීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පමණක් තනිව කළ නොහැක්කක් බවත්, ආණ්ඩුකාරවරයා වශයෙන් එය තමන්ගේ ද වගකීමක් හා යුතුකමක් බවත් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya