එහි පැවරුම් සහතිකය වෙත අත්සන් තැබීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ අතර මෙහිදී හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.
සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයට අයත්වන අතර හෙක්ටයාර 116 ක ඉඩම් තුන්වන පාර්ශවය වෙත ආයෝජනය කිරීම සදහා වසර 99 ක බදු දීමේ අයිතිය චීන සමාගම වෙත පැවරෙනු ඇත.මේ අයුරින් බදු දෙන ඉඩම්වල තුන්වන පාර්ශවය විසින් සිදුකරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 කි.මේ අවස්ථාව සදහා ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න,මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ,චීන තානාපති ෂෙං ෂුයැං,චෙක් පෝට් සිටි පෞද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියැං හූලියැං යන මහත්වරුන් සහභාගී වූහ.