ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට නව තාක්ෂණය යොදාගැනීම වෙනුවෙන් පාසල් 665කට ලැප්ටොප් පරිගණක 15,445ක්

    නොවැම්බර් 01, 2019

    පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් ව පවතින අතර,  ඒ සඳහා  ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව  අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

    ඒ අනුව,  දිවයිනේ පළාත් නවය ම නියෝජනය වන අයුරින් සෑම පළාතකින් ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6 -11 ශ්‍රේණි සහිත ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

    මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට දිවයින පුරා පිහිටි 6-11 ‍ශ්‍රේණි සහිත සියලු ම පාසල් වෙත ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. එක් එක් පාසල්වල  සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත ය.

    ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතර ව ඒවා භාවිතය සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් (charging Facility) ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද  ලබාදීමට පියවර ගැනේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya