ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    යාපනය - චෙන්නායි ගුවන්ගමන් නොවැම්බර් 08 දා සිට

    නොවැම්බර් 01, 2019

    ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගුවන් සමාගමක් වන ෆිට්ස් එවියේෂන් සමාගම නොවැම්බර් 08 දා සිට යාපනයේ සිට චෙන්නායි දක්වා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ගමන්වාර අරඹන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    එම සමාගම නොවැම්බර් 10 දා සිට සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවල යාපනය සහ ට්‍රිචි අතර ගුවන් ගමන් පවත්වාගෙන යන බව දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා කීය.

    යාපනය සහ චෙන්නායි අතර තනි ගුවන් ගමනක් සඳහා රුපියල් 7900 ක් (ඉන්දීය රුපියල් 3090 ක් ද) යාමට සහ ඒමට රුපියල් 15700 ක්, ඇමරිකානු ඩොලර් 86.5 ක් ද වනු ඇතැයි ද අධිකාරිය පවසයි.
    මේ අතර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල විවෘත කළ දිනයේ පැමිණි එලියන්ස් එවියේෂන් සමාගමේ ගුවන් ගමන් යාපනය සහ චෙන්නායි අතර නොවැම්බර් 10 දා සිට අරඹන බව එම සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya