එහිදී සන්නද්ධ හමුදා සැමරුම් දින කමිටුවේ සභාපති අද්මිරාල් ආචාර්යය හේමාල් ප්‍රනාන්දු මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතාට පොපි මල් පැළදවීම සිදු කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් යුධ හමුදාවේ හිටපු සාමාජිකයෙක් ලෙස තමා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සැමරීමට එක්වන බවත් සදහන් කළේය.
කථානායකවරයාට පළමු පොපි මල පැළදවීමෙන් පසු පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරුන් වන කුෂාණි රෝහණධීර මහත්මියට සහ ටිකිරි ජයතිලක මහතාට පැළදවීම සිදු විය. ජාතික පොපි මල් දින සැමරුම ලබන 10 වනදා කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී සිදු කෙරේ.