ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රටේ ස්වෛරී අයිතියක් විදේශිකයින්ට පැවරෙන්නේ නැහැ - අමාත්‍ය පාඨලී චම්පික රණවක  

    නොවැම්බර් 02, 2019

    පෙර දී රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් වරාය නගර ව්‍යාපෘතිය වර්තමානයේ විනිවිදභාවයකින් යුතුව ශ්‍රී ලංකාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ 2016 වසරේ දී ගිවිසුම් ගත ත්‍රෛපාර්ශවිය නව කොන්දේසි යටතේ ක්‍රියාවට නංවමින් පවතින බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසිය.


    ඒ මහතා මේ බව පැවසූයේ  ඊයේ (01)  සුහුරුපාය ගොඩනැඟිල්ලේ පිහිටි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති වරාය නගර ව්‍යාපෘති ප්‍රගතිය සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම පිළිබඳව මාධ්‍ය හමුවකට
    එක්වෙමිනි.


    වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) සිදුවිය. එහි පැවරුම් සහතිකය වෙත අත්සන් තැබීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ අතර මෙහිදී හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.


    සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයට අයත්වන අතර හෙක්ටයාර 116 ක ඉඩම් තුන්වන පාර්ශවය වෙත ආයෝජනය කිරීම සදහා වසර 99 ක බදු දීමේ අයිතිය චීන සමාගම වෙත පැවරෙනු ඇත.මේ අයුරින් බදු දෙන ඉඩම්වල තුන්වන පාර්ශවය විසින් සිදුකරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 කි.


    විවිධ චෝදනා දුර්මත මෙම ව්‍යාපෘතිය වෙත එල්ල වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය මඟින් කිසිඳු ස්වෛරී අයිතියක් මෙම ව්‍යාපෘතිය හරහා විදේශිකයින්ට නොලැබෙන බවටත්, විධිමත් පරිසර අධ්‍යනයකින් තොරව මෙහි
    ඉඩම් ගොඩ කිරීමේ ක්‍රියාවලිය සිදු කර ඇති බව සඳහන් කරන චෝදනා අසත්‍ය බවත්, ඊට නිසි පාරිසරික ඇගයීම් කටයුතු සිදු කර (ගොඩකිරීම සඳහා මෙන්ම ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් වෙන් වශ‍යෙන් පාරිසරික ඇගයීම් කටයුතු සිදු කර
    ඇති බව) මධ්‍යම පරිසර අධිකාරියේ නීතිරීති සහ කොන්දේසි වලට අනුකුලව මෙම ව්‍යාපෘතිය සිදු කරන බවටත් සඳහන් කළේය.


    එමෙන්ම, මෙහි ඉදිකිරීම් සම්බනධව ජාත්‍යන්තර සැකමුසු බවක් මෙරට ජනතාව දක්වන බවත්, එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවටත් සඳහන් කල ඇමතිවරයා හෙක්ටයාර 269 කින් යුතු වරාය නගර ගොඩබිම් ප්‍රදේශය සහ කෘතීමව ගොඩකරන ලද හෙක්ටයාර 446 ක බිම් ප්‍රමාණය මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශයක් බවට පත් වන බව ද සඳහන් කරන ලදී.


    මාධ්‍ය හමුව සඳහා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ, වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පියුෂා ගුණසේකර යන මහත්ම මහත්මීහු එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya